2023 මැයි 10 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

2023 මැයි 10 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 10 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න

 

01. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛන සහතික කිරීම සීමා කෙරේ

 

 

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

https://aayubo.com/si/news/aybnN74982s

 

02. දුම්රිය ගමන් වාර 5ක් අවලංගුයි

 

 

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayowN74935s

 

03. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පකිස්ථානයේ ගැටුම් උත්සන්න වෙයි

 

 

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු  පකිස්ථානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/world/ybosN74943u

 


04. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයකින් කොන්සියුලර් අංශයේ සියලු කටයුතු අඩාල වේ

 

 

කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛණ සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yubwN74947s


 

05. මෙරට ක්‍රිකට් පරිපාලනයේ දේශපාලන මැදිහත්වීම් සොයා බැලීමට ICC ක්‍රිකට් සභාපති දිවයිනට

 

 

මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් පවතින්නේ දැයි සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා සහ තවත් නියෝජිතයෙකු දිවයිනට පැමිණ තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aowsN74963o


 

06. කළුතර සිසුවිය ඝාතනයේ සැකකරු අද අධිකරණයට

 

 

කළුතර හෝටලයක තුන් වන මහලින් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayueN74969e


 

07. ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න පුලුවන්

 

 

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ අද රාත්‍රී 12.00 න් පසු වර්ජනය අවසන් කරන බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoewN74994a

 

 

08. ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පත් කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

 

 


මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම සඳහන් කර සිටී.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/oewsN74961y

views

341 Views

Comments

arrow-up