2023 මැයි 04 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

2023 මැයි 04 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 මැයි 04 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

බස්නාහිර සහ වයඹ පළාත් වලත්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

 

නැගෙනහිර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත් වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක් තද වැසි ද, සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

 

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ. කි. මී. 20-30 පමණ වේ.

 

බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 40-45 දක්වා වැඩි විය හැක.

 

බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                         
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 25 95 65 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 32 25 95 75 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 31 25 95 70 වැසි වාර කිහිපයක්
ගාල්ල 31 26 95 75 වැසි වාර කිහිපයක්
යාපනය 31 24 95 65 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මහනුවර 30 22 95 65 වැසි වාර කිහිපයක්
නුවරඑළිය 21 14 95 70 වැසි වාර කිහිපයක්
රත්නපුරය 32 24 95 70 වැසි වාර කිහිපයක්
ත්‍රිකුණාමලය 32 25 95 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 31 25 95 65 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

 

 

views

273 Views

Comments

arrow-up