APR
27
කළුතර දෙදරු මවක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

කළුතර උතුර කැලිඩෝ පාරේ නිවසක් පිටුපස තිබී ගෙල කපා ඝාතනය කරන ලද දෙදරු මවකගේ සිරුරක් හමු වී තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි. අද (27) අලුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව එම කාන්තාව වැටී සිටින අයුරු දැක පුද්ගලයෙක් විසින් පොලිසිය දැනුවත් කර ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනය පිළිබඳ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
228 Views
Comments