පාසල් සිසුන් බිල්ලට ‌ගන්නා අලුත්ම මාෆියාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

පාසල් සිසුන් බිල්ලට ‌ගන්නා අලුත්ම මාෆියාව මෙන්න

පාසල් සිසුන් බිල්ලට ‌ගන්නා අලුත්ම මාෆියාව මෙන්න

පාසල් සිසුන් අතර ඉතා සුලබ ලෙස මත් බෙහෙත් වර්ග, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන  සහ මත්වන ටොෆි වර්ග භාවිතයට ගැනීම ඉහළ ගොස් තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඉෂාරා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් සිදුකළ අධ්‍යනයකදී වාර්තා වී තිබේ.

 

අයිස් ‍, හෙරොයින් වැනි බරපතල මත්දුව්‍ය දකුණු පළාතේ පාසල් ළමුන් අතර මෙතෙක් වාර්තා වී නොමැති නමුත් පාසල්වල 9 සහ 10 ශ්‍රේණි වල සිසුන් අතර මෙවැනි ඇබ්බැහිවීම් වලට ගොදුරු වීමේ දැඩි අවධානමක් ඇති බව මෙම නවතම අධ්‍යනය මගින් ඔවුන් තහවුරු කර සිටී. මෙම යොමුවීම් වලට ප්‍රධාන හේතුව දරුවන් සහ දෙමාපියන් අතර පවතින දුරස්ථභාවය සහ දරුවන් පිළිබඳ අවධානය යොමු නොකිරීම බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

views

277 Views

Comments

arrow-up