නැගෙනහිර වෙරළෙන් හමු වූ අසාමාන්‍ය දේ මෙන්න

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ත්‍රිකුණාමලය වෙරළ තීරයේදී සේදී ගිය තාර වැනි ද්‍රව්‍යයක සාම්පල එකතු කර ඇත.
එම සාම්පල කොළඹ විශේෂ රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
MEPA විසින් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක්ද යොදවා ඇත්තේ එම ද්‍රව්‍ය නෞකාවෙන් මුදා හැර ඇති බවට ඇති වූ සැකයක් මතය.
එවැනි ද්‍රව්‍ය මුහුදට මුදා හරින නැව් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව MEPA පවසා තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ධීවර හා සංචාරක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ වනවිට ත්‍රිකුණාමලය මුහුදුබඩ ප්‍රදේශය පිරිසිදු කිරීමට පියවර ගෙන තිබේ.
247 Views
Comments