පණඅදින සුවසැරියට සේලයින් දෙන්න ඉහළ පෙළේ ආයතන රැසක් ඉදිරිපත් වේ

1990 සුවසැරිය ගිලන්රථ සේවාව මේ වසරේ රුපියල් බිලියන 1.5 ක විශාල මුදල් හිඟයකට මුහුණ දී ඇති හෙයින්, ප්‍රමුඛ පෙළේ ආයතන ගණනාවක් මේ දක්වා රුපියල් මිලියන 525 ක් කැප කර, තීරණාත්මක ගිලන්රථ වල ක්‍රියාකාරිත්වය පමණක් පවත්වා ගැනීමට පියවර ගෙන ඇත.
රජයෙන් ලැබෙන ප්‍රතිපාදන හිඟය හමුවේ සුවසැරිය ගිලන්රථ සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය, එහි මෙහෙයුම් නොවෙනස්ව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයෙන් අරමුදල් රැස්කර ගැනීමට 'Adopt an Ambulance' වැඩසටහනද පසුගියදා හඳුන්වා දෙන ලදී.
ඒ අනුව ගිලන්රථ 105 ක් සඳහා මේ වන විට රුපියල් මිලියන 525 ක අරමුදල් ලබාදීමට ඉහළ පෙළේ ආයතන ගණනාවක් ඉදිරිපත් වී ඇත.
ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස 2016 වසරේදී සුවසැරිය ගිලන්රථ සේවාව ආරම්භ කර ඇති අතර පසුව එය 2018 අංක 18 දරන සුවසැරිය පනත මගින් රජයේ සේවයක් ලෙස විධිමත් කර තිබේ.
මෙම සේවාව හදිසි වෛද්‍ය උපකරණ වලින් සමන්විත සහ පුහුණු පුද්ගලයින්ගෙන් යුතු කාර්ය මණ්ඩලයකින් සමන්විත ගිලන්රථ 297 ක් යටතේ ක්‍රියාත්මක වෙයි.
255 Views
Comments