භයානක ජනතා නැගිටීමක් ගැන ජනපති අනතුරු අඟවයි

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී නිර්භීත විය යුතු බවත්, එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
රජයේ අරමුණ ධනාත්මක බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් VAT වැනි බදු මගින් බැටකෑම අවම කිරීම බව ද කියා සිටින ජනපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසීම අනිවාර්ය බව ද පෙන්වා දේ.
ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබු වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පළ කොට සිටි ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ IMF වැඩසටහනේ පළමු ප්‍රගති සමාලෝචන අවස්ථාව වන විට ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම තම අපේක්ෂාව බවයි.
රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත්වීම අනිවාර්ය බව ද කියා සිටි ජනපතිවරයා, මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත් මීළඟ ජනතා නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී විය හැකි බවට අනතුරු අඟවා සිටී.
268 Views
Comments