අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට රුපියල් 30000 ක දීමනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට රුපියල් 30000 ක දීමනාවක්

අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට රුපියල් 30000 ක දීමනාවක්

අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට මෙවර යල කන්නය සඳහා රුපියල් 30,000 බැගින් දීමනාවක් ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

 

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ මෙම දීමනාව ලබා දෙනු ඇති අතර දිස්ත්‍රික්ක 6 ක ගොවි පවුල් 48,000 ක් සඳහා මෙම සහන දීමනාව ලබා දීමට එම නියෝජිතායතනය එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

 

මෙම දීමනාව මුලතිවු, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක් යටතේ ලබා දීමට නියමිතය.

views

244 Views

Comments

arrow-up