හලාවතදී නිධන් හෑරූ හයක් පොලිස් දැලේ

මුගුණුවටවන ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක මල්පහන් සුවඳ දුම් වලින් යහන් සකසා නිදන් හාරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් පිරිසක් අදාල ස්ථානය වටලා එහි නිධන් හාරමින් සිටි හය දෙනෙකු හා කැබ් රථයක් සමග හලාවත මුලස්ථාන පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් මගින් අද (16) අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචි කරුවන් තිදෙනෙකු හා හලාවත, හෙම්මාවතගම හා බිංගිරිය යන ප්‍රදේශ වල පදිංචි කරුවන් තිදෙනෙකු බව කියයි.
අදාල ස්ථානයේ අඩි 15 කට වැඩි ගැඹුරට කැණීම් කර තිබු බවත්, බුලත් මල් යහන් සකසා නිදන් හැරීමට කටයුතු කරමින් සිටි බවත්, සැකකරුවන් හය දෙනෙකු සමග එම ස්ථානයේ කැණීම් වලට යොදා ගැනුණු ආයුධ තොගයක් සමග මෙම පිරිසට අයත් කැබ් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබුණ බවත් පොලිසිය පවසයි.
අදාල සැකකරුවන් හලාවත අධිකරණයට 16 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර මෙම සැකකරුවන් පිළිබදව මේ වනවිට පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබලියු. ඩී. එස්. පත්මකුමාර මහතාගේ උපදෙස් මත දුෂණ මර්ධන අංශ ස්ථානාධිපති ඒ. ඩී. දිල්රුක් මහතා සමග නිළධාරීන් පිරිසක් මෙම වැටලීමට එක්ව තිබුනි.
261 Views
Comments