ඩොලරයේ අඩුවීම නාලක ගොඩහේවාට දැනෙන හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

ඩොලරයේ අඩුවීම නාලක ගොඩහේවාට දැනෙන හැටි

ඩොලරයේ අඩුවීම නාලක ගොඩහේවාට දැනෙන හැටි

ජනතාවට බොරු පොරොන්දු ලබා දීම අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

 

ආණ්ඩුවේ බලාපොරොත්තුව ණය ගැනීම පැවසූ ඔහු මෙලෙස ලබා ගන්නා ණය වල මුදල් ආර්ථික සංවර්ධනයට යොදා නොගත්තොත් ඉන් ඵලක් නොමැති බව ඔහු කියා සිටියි.

 

නිදහස් ජනතා සභාව කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා  කියා සිටියේ,

 

"ආර්ථික ප්‍රශ්නය විසදෙනවට අපි කැමතියි. නමුත් ජනතාවට බොරු පොරොන්දු ලබා දීම අනුමත කරන්න බෑ.දැන් හැසිරෙන්නේ සියලු ප්‍රශ්න විසදිලා වගේ. IMF මුදල් ලැබීම තහවුරුයි කියලත් මේ අය කියනවා. මෘදු බංකොලොත් භාවයක් කියලා එකක් නෑ. බංකොලොත් නම් බංකොලොත්. ඒ තත්වය මත කිසිවෙක් ණය දෙන්නේ නෑ.වලට වැටුනම කවුරුත් ණය දෙන්නේ නෑ.

 

ණය ගෙවන්න පුලුවන් තත්වයකට රට ගෙන ආ යුතුයි. රටේ ආදායම වැඩි කරගත යුතුයි.එසේ නොවන්න ණය බරෙන් මිදෙන්න බෑ. ණය අරන් ණය අරන් මේ ප්‍රශ්නය විසදන්න බෑ.ආණ්ඩුවේ බලාපොරොත්තුව ණය ගැනීමයි.මේ ගන්න ණය වල මුදල් ආර්ථික සංවර්ධනයට යොදා නොගත්තොත් වැඩක් වෙන්නේ නෑ . එහෙම කරන බවක් පේන්නේ නෑ. රනිල් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විවිධ කතා ජනතාවට කියන්න දක්ෂයි. වැඩක් කෙරෙන බවක් පේන්නේ නෑ.

 

රුපියල ශක්තිමත් උනා කියලා ආණ්ඩුව කියනවා.ඩොලර් එක පහලට එන බවක් පේනවා.මේක තාවකාලික තත්වයක් පමණයි.මේ වර්ෂය අග වෙනකොට මේක මීට වඩා වැඩි වෙනවා. ඩොලරයේ සැපයුමට වඩා ඉල්ලුම අඩු නම් කොහොමත් අඩු වෙනවා. සල්ලි නෑ කියලා මැතිවරණය නොතියා රජය බොරු කරන්නේ දැන දැනමයි.

 

භාණ්ඩාගාර ලේකම් නැතුව පසුගිය දා සාකච්චාවක් තිබ්බා.ඒ සාකච්චාවටත් රජය බාධා කලා.පහත් තත්වයට රජය පත් වෙලා.අප්‍රේල් චන්දය තියාවි කියලා අපිට සැකයක් තිබෙනවා. මර්ධනය කරලා ජනතාව හඩ නතර කරන්න බෑ.ඒක ගලන වතුර අත දමා නතර කිරීමක්.මේ තැනට තල්ලු නොවී ජනමතය විමසා බැලිය යුතුයි. දැන් වෘත්තීයවේදීන් මේ රජය විශ්වාස කරන්නේ නෑ.ඒ නිසා තමයි මේ බදු සම්බන්ධයෙන් ඔවුන් සටන් කරන්නේ . එහෙම නැතුව බදු ගෙවන්න බෑ කියලා කිව්වේ නෑ.

 

අපේ ශ්‍රී ලංකාවට තනිව නැගිටින්න පුලුවන්. වෙන මුදල් ඒකක දිහා බලා වැඩක් නෑ. දැන් ඉන්දියානු රුපියල ගැන සාකච්චා කරනවා. ඒ මත මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අනුන් මත යැපෙනකොට ඔවුන් කියන විදියට අපිට වැඩ කරන්න වෙනවා ඉන්දියාවා අපේ මිතුරෙක් උනාට ඔවුන් වෙනව රටක්.ඉන්දියාව මත යැපෙන්න සූදානම් නොවිය යුතුයි."  යනුවෙනි.

views

224 Views

Comments

arrow-up