ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.
එහිදී සංචාරක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර සංචාරකයන් සඳහා විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
මීට අමතරව සංචාරක කලාප තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව මෙන්ම රාත්‍රී කාලයේ සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ. මෙහිදී තීරණය කර ඇත්තේ, සංචාරකයින් මුහුණදෙන ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිස් විශේෂ බලකායක් පිහිටුවීමටයි.
227 Views
Comments