බස් රථයක ගැටීමෙන් අළුබෝමුල්ලේ දෙදරු පියෙක් මරු දකී

අළුබෝමුල්ල කුඩා අරුග්ගොඩ පදිංචිව සිටි, පානදුර යුධ හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු ලෙස කටයුතු කළ හතළිස් හැවිරිදි දෙදරු පියෙක් පාපැදියකින් රැකියාවට යමින් සිටියදී පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී මියගොස් ඇති බව වාර්තා වේ.
පාපැදියෙන් නිවසේ සිට කුරුස හංදිය දෙසට පැමිණෙමින් සිටියදී, රුක්ගහ තොටුපොල සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ මාර්ග අංක 452 පෞද්ගලික බස් රථ බඳෙහි පාපැදිය හැඬලය ගැටීමත් සමඟ පාපැදිය පෙරලීමෙන් අනතුරුව බසයේ පිටුපස රෝදයට හිස යටවී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අනතුරට හේතුව බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බව හෙළි වී තිබෙන අතර රියදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අළුබෝමුල්ල පොලිසිය විසින් සිදු කෙරේ.
203 Views
Comments