ස්විට්සර්ලන්තයෙන් මතු වූ ප්‍රභාකරන්ගේ දියණිය ගැන අරුන් සිද්ධාර්ත්ගෙන් හෙළිදරවුවක්

වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් පසුගිය දිනවල මාධ්‍ය හරහා පළ වූ අතර ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ත් මහතා යූ ටියුබ් නාලිකාවක් හා එක්වෙමින් මේ පිළිබඳ අදහස් පළ කර තිබේ.
කළු ඇඳුමක් ඇඳගත් කාන්තාවක් පෙන්වමින් ඇය ප්‍රභාකරන්ගේ දියණිය බවට හුවාදක්වමින් ස්විට්සර්ලන්තය තුළ සිදුවන මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ගැන සඳහන් කරන ඒ මහතා, යම් පිරිසක් විසින් ප්‍රභාකරන් ස්විට්සර්ලන්තයේ ජීවත්වන බවට රාවයක් පතුරවමින් යන බව වැඩිදුරටත් කියා සිටී.
එසේම පුනරුත්ථාපනය නොවී ඉන්දියාවට පලා ගිය කොටි සාමාජිකයින් තමිල්නාඩුව තුළ නැවත පුහුණු වන බවට පවතින රාවයක් ගැන ද සඳහන් කරන ඔහු එම තොරතුර තවම තහවුරු වී නොමැති බවද වැඩිදුරටත් කියා සිටී.
227 Views
Comments