විදේශගත ඔබට
Latest_News

සතියේ රාහු කාලයන් සහ සුභ දිශාවන්

අද දවස ඔබට කොහොමද?
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 6.10
ඉර බැසීම - පස්වරු 6.20
රාහු කාලය
දිවා 10.37 සිට 12.19 දක්වා
රාත්‍රී 22.37 සිට 00.19 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - උතුර
2024 මාර්තු මස 29 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද??
Aries

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වගකීම්වලදී මූලික වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. එහෙත් නිතර දෝෂාරෝපණයට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ණය ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. පාදයේ වළලුකර ආශි‍්‍රත රෝගාබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. මවගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරරයි. සති අන්තය වන විට දී අසල්වැසි මත ගැටුමකට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අය 08 - වැය 05 ජය අංකය - 02 ජය වර්ූණය - කහ සුබ දවස - ඉරිදා

Taurus

අවිවේකී ලෙස උදාවන මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5,6, 7 යන භාවස්ථානවල ගමන් කරයි. දේපළක් සම්බන්ධ මත ගැටුමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක සතියකි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිත කලබලකාරී බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සති අන්තයේ දී වෙහෙස ඇති ගමනකට කටයුතු සැලසෙනු ඇත. ආගමික සහන පතන කාලයකි. අය 07 - වැය 05 ජය අංකය - 02 ජය වර්ූණය - දම් සුබ දවස - බ්‍රහස්පතින්දා

Gemini

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරමින් සතිය ආරම්භවන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන සතියකි. එමෙන්ම මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. සතිය මැද කාලයේ දී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. අමතර ආදායම් මාර්ගයකට කටයුතු සැලසෙන සතියකි. අය 07 - වැය 05 ජය අංකය - 06 ජය වර්ූණය - තැඹිලි සුබ දවස - බදාදා

Cancer

විශ්වාසවන්ත හිතවතකුගේ ඇසුරට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. කලක සිට ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක ලෙස ආරම්භ කිරීමට මග සැලසේ. එමෙන්ම හදිසි ලැබීමකට හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. දූ දරු සමගියට කටයුතු සැලසෙන සතියකි. අවිවාහකයන්ට සුබදායක කාලයක් වන අතර නොසිතූ ලෙස මංගල යෝග උදාකරන කාලයක් බව ද පෙනේ. හදිසි ගමන්වලින් වැළැකී සිටීම යහපත් කරයි. සති අන්තයේ දී අඹුසැමි විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වන බවක් පෙනේ. අය 08 - වැය 05 ජය අංකය - 09 ජය වර්ූණය - කහ සුබ දවස - බුහස්පතින්දා

Leo

මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක ලෙස අවසන් කර ගැනීමට හැකිවන සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 1, 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි.ඇසුරු කරන අය අතර ජනපි‍්‍රයත්වයට පත්වන කාලයකි. නිතර ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර, නිවසින් පිට වාසයටද කරුණු සැලසේ. එමෙන්ම අලුත් කටයුත්තකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. පවුලේ කෙනෙකුගේ කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරයි. උගුර සම්බන්ධ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සති අන්තයේ දි ළඟින් ඇසුරු කර අයකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. ඉඩම් ගනුදෙනුවකට මඟ සැලසෙන කාලයකි. අය 06 - වැය 07 ජය අංකය - 02 ජය වර්ූණය - කොළ සුබ දවස - සිකුරාදා

Virgo

වගකීම් බහුල කරන කාලයක් වන අතර පවුලේ වැඩිහිටියකුගේ කටයුතු කීපයක්ද තමා වෙත පැවරෙන බවක් පෙන්නුම් කරයි. කන්‍යා ලග්න හිමි ඔබගේ මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් මෙන්ම කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයකි. නොසිතූ ලෙස ඉඩම් ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ කටයුතු කීපයක ප්‍රමාදතාවක් ඇති කරයි. සති අන්තය වන විට දී ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙයි. තමා ළඟින් ඇසුරු කරන අයකු නිසා කරදරකාරී බවක් ඇති කරන අතර යටපත් වූ සෙම් රෝග තත්ත්වයක් නැවත මතුවිය හැකි කාලයකි. අය 08 - වැය 05 ජය අංකය - 09 ජය වර්ූණය - ලා නිල් සුබ දවස - සඳුදා

Libra

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන කාලයක් වන අතර අලුත් කටයුතු කීපයකට අත ගැසීමටද මඟ සැලසේ. නිතර ආගමික කටයුතුවලින් සහන පතන බවක් පෙනේ. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර දේපළ අලුත්වැඩියාවක් පිළිබඳ කටයුත්තකට ද අත ගැසීමට අවස්ථාව උදා කරයි. පවුලේ පැවැති විශේෂ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදුවන බවක් පෙනේ. වරින් වර ගුප්ත කටයුතු වලින් ද පිහිට පතන බවක් පෙනේ. සති අන්තයේ දී දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරයි. අය 08 - වැය 04 ජය අංකය - 06 ජය වර්ූණය - කොළ සුබ දවස - බ්‍රහස්පතින්දා

Scorpio

අවිවේකී ලෙසින් උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සකස් කර ගන්නා කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමෙන් කටයුතු කීපයක් වෙනස් කරයි. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසෙන කාලයකි. සතිය මැද කාලයේ දී පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. විදෙස් ලැබීමක් හේතුවෙන් වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙනේ. එමෙන්ම හදිස්සියේ සිදුවන වාහන හුවමාරුවක් හේතුවෙන් වාසිදායක තත්ත්වයක් ඇති කරයි. උරහිසේ හට ගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. අය 08 - වැය 05 ජය අංකය - 06 ජය වර්ූණය - රෝස සුබ දවස - බදාදාඅවිවේකී ලෙසින් උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සකස් කර ගන්නා කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමෙන් කටයුතු කීපයක් වෙනස් කරයි. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසෙන කාලයකි. සතිය මැද කාලයේ දී පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. විදෙස් ලැබීමක් හේතුවෙන් වෙනදාට වඩා අතමිට සරුවන බවක් පෙනේ. එමෙන්ම හදිස්සියේ සිදුවන වාහන හුවමාරුවක් හේතුවෙන් වාසිදායක තත්ත්වයක් ඇති කරයි. උරහිසේ හට ගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ. අය 08 - වැය 05 ජය අංකය - 06 ජය වර්ූණය - රෝස සුබ දවස - බදාදා

Sagittarius

වෙනදාට වඩා ගත සිත වෙහෙසීමට සිදුවන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ සුහදතාවයට කටයුතු සැලසෙන සතියකි. විශේෂ කෙනකුගේ හමුවීමත් සිදුවීමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ කටයුතු කීපයක් සාර්ථක නිමාවක් දැකිය හැකියි. සතිය මැද කාලයේ දී අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික කරයි. සහෝදර පක්ෂය සමඟ ඇතිවන බහින්බස්වීමක් දුරදිග යා හැකි ය. අතක ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. මෙතෙක් අහිමි ව තිබූ දෙයක් නැවත හිමි වීමක් සිදුවීමට ඉඩ ඇත. අය 08 - වැය 06 ජය අංකය - 09 ජය වර්ූණය - නිල් සුබ දවස - බ්‍රහස්පතින්දා

Capricorn

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට සිදුවන සතියකි. වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ. අසල්වැසියකු නිසා ඇතිවන සිත් නොහදකමක් දුරදිග යන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධව ඇතිවන අවිවේකී බව තවදුරටත් වැඩිවීමට ඉඩ ඇත. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි. සති අන්තය වන විට දී තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් යෙදීමට ඉඩ ඇත. ශරීරය ආශි‍්‍රත තුවාල ලප කැලැල් ලේ විෂ වීමක් හෝ ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. අය 07 - වැය 05 ජය අංකය - 07 ජය වර්ූණය - ලා නිල් සුබ දවස - බ්‍රහස්පතින්දා

Aquarius

සිතේ නොසන්සුන්තාවකින් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමේ දී දුරදිග සිතා බලන්න. එමෙන්ම වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. අවිවේකයට හේතු සැලසෙන කාලයකි. යටිබඩ ආශි‍්‍රත අසනීපකාරී තත්ත්වයකින් පීඩා අත් කරයි. සතිය මැද කාලයේ දී හදිසි මුදල් වැයවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට පැටලීමට ඉඩ ඇත. නිතර දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. අත්වැරදීමක් හේතුවෙන් පාඩු විඳීමට සිදුවේ. අය 08 - වැය 07 ජය අංකය - 04 ජය වර්ූණය - තැඹිලි සුබ දවස - සඳුදා

Pisces

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවස්ථානවලයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කිරීමට සිදුවේ. මව්පස ඥාතියකුට අපල සහගත බවක් පෙනේ. සතිය මැද කාලයේ දී වරින් වර ඇතිවන බඩේ දැවිල්ලක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. එමෙන්ම කලකින් නොදුටු හිත මිතුරකු හමුවීමට මඟ සැලසෙන කාලයකි. දූ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. හදිසි දේපළ මිලදී ගැනීමකට කටයුතු සැලසෙන බවක් පෙනේ. විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු කල් දැමීමට සිදුවන කාලයකි. අය 06 - වැය 04 ජය අංකය - 02 ජය වර්ූණය - කොළ සුබ දවස - බදාදා

arrow-up