මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80672 ක්

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80672 ක් තරග වදින බවයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන ආකාරයට පිළිගත් දේශපාලන පක්ෂ 2529 ක් සහ ස්වාධීන කණ්ඩායම් 329 ක් මෙවර මැතිවරණයට තරග වදී.
දේශපාලන පක්ෂ 118 ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ස්වාධීන කණ්ඩායම් වල නාමයෝජනා 45 ක් ප්‍රතික්ෂේප වී තිබේ.
මෙවර මැතිවරණයට වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 7530 ක් බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටී.
එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 7177 ක් මැතිවරණයට ඉදිරිපත් ව සිටී.
242 Views
Comments