පාස්පෝට් සාදා දෙනවා කියා බලහත්කාරයෙන් සල්ලිවලට විද්ද 4ක් මාට්ටු

ඉසුරුපාය කාර්යාලයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන පුද්ගලයින්ට උපකාර කළ හැකි බව පවසමින් රුපියල් දහස් ගණනින් මුදල් බලහත්කාරයෙන්ලබා ගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ නිරතව සිටි බව කියන තැරැව්කරුවන් යැයි බව පුද්ගලයින් සිව්දෙනෙකු පෙරේදා(1) සැකපිට අත්අඩංගුවට ගත්බව තලංගම පොලිසිය පවසයි.
ව්‍යාජ ලේඛණ ලේඛණ සකස් කිරීම ඒ සඳහා මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම සහ අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ මොවුන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට සැකකරුවන් මාලඹේ වත්තල සහ කොළඹ 11 යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් යැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තලංගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට ගැවසෙන තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව තලංගම පොලිසිය පවසයි
255 Views
Comments