FEB
16
පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ රජයේ සූදානම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බව ප්‍රකාශ කර සිටින නිදහස් ජනතා සන්ධානය පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස අගමැතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටී.
ලිඛිතව කරන ලද එම ඉල්ලීමෙහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ස්ථාවර නියෝග 16 යටතේ පාර්ලිමේන්තුව වහා කැඳවීමට පියවර ගන්නා ලෙසයි.
209 Views
Comments