මහපොළ ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක

මහපොළ ශිෂ්‍යාධාර වාරික ප්‍රමාදයකින් තොරව ගෙවන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (09) විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
කොළඹ විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති නිල නිවස අසලින් අවසන් විය.
විරෝධතාව අතරතුර මාර්ගය අවහිර වීම හේතුවෙන් පොලීසිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.
මේ අතර මහපොළ වාරික පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා තිබුණේ 2022 වසරට අදාළව සියලු මහපොළ වාරික ගෙවා අවසන් බවයි.
225 Views
Comments