සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා මාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා මාලාවක්

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා මාලාවක්

රජයේ මුද්‍රණාලයාධිපතිණිය බියගන්වා, ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති බව ඇය ලවා පැවසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරන බව විපක්ෂ නායක සජිත් වික්‍රමසිංහ මහතා චෝදනා කර සිටී.

 

මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් මේ බව කියා සිටි ඒ මහතා ඡන්දය පැවැත්වීම කල් දැමීමට ආණ්ඩුව විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් සිටින බවද වැඩිදුරටත් කියා සිටී.

 

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු බලයක් නොමැතිව වුවද ජනතාවට සේවය සැලසූ එකම විපක්ෂය සමගි ජන බලවේගය පමණක් බවත් විපක්ෂනායකවරයා කියා සිටී.

 

views

234 Views

Comments

arrow-up