අද දින සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අද (23) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයේ සිදුවූ උණුසුම් තත්ත්වය පිළිබඳ එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවූ බව එහි දැක්වේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව 27 වන සඳුදා සිට අදියරයන් කිහිපයක් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බව මීට පෙර දැනුම්දී තිබූ බවය.
එසේම පොලිසිය විසින් මෙරට ලක්ෂ 42 ක් වන දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවී කලබලකාරී ලෙස හැසිරීම නිසා නීත්‍යානුකූලව ක්‍රියාකර ඇති බව ද නිල නිවේදනයේ දැක්වේ.
322 Views
Comments