පොලිසිය විසින් අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙක් නිසා වැලිගම උණුසුම් තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

පොලිසිය විසින් අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙක් නිසා වැලිගම උණුසුම් තත්වයක්

පොලිසිය විසින් අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙක් නිසා වැලිගම උණුසුම් තත්වයක්

අවුරුදු 12 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16) දින පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබේ.

 

වැලිගම,කොළේදණ්ඩ ප්‍රදේශයේ පදිංචි දැරිය උපකාරක පන්තියටකට යමින් සිටියදී කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට  ලක් කොට ඇත. ඒ පිළිබඳ දින 14 කට පමණ පසුව වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පොලිසිය මගින් ඊයේ (15) පස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නිදහස් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත ව තිබෙන බව වාර්තාවේ.

views

223 Views

Comments

arrow-up