FEB
09
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කනගාටුවෙන්

විදුලි බලය අඛණ්ඩව ලබා නොදීම සහ විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමා හා රජය කනගාටුවට පත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරමින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදයේ පළමු දිනයට එක්වෙමින් අමාත්‍යවරයා අද (09) මේ බව පවසා තිබුණි.
මේ අතර එම විවාදය සඳහා සමගි ජන බලවේගය සහභාගි නොවන බව තීරණය කර තිබූ අතර ඔවුන් අද (09) සභා ගර්භයට පැමිණ සිටියේ නැත.
214 Views
Comments