බලංගොඩ ගොවිපොළක මුරකරු ගස් බැඳ ඌරන් මංකොල්ල කාලා

බලංගොඩ ඉඳුරන්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති සත්ත්ව ගොවිපලකට කඩා වැටුණු පහළොස් දෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් එම ගොවිපොළේ මුරකරුව ගස් බැඳ ඌරන් 55 ක් කොල්ලකා ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.
පෙරේදා අලුයම මෙම කොල්ලය සිදු වී ඇති අතර එම කොල්ලකෑ ඌරන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ඉක්මවන බවත් ඒ අතර ඌරු පැටවුන්ද සිට ඇති බව ත් සඳහන්ය.
මුරකරු ගසක ගැටගසා ඔවුන් පැමිණි ලොරි රථයක් ඌරු කොටුව වෙත රැගෙන ගොස් ඌරන් එහි පටවාගෙන පලාගිය බව මුරකරු පොලිසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
276 Views
Comments