FEB
23
සොරකම් කරන ලද ගිනි අවියක් සහ ජීව උණ්ඩ අඟුරුවාතොටින් හමු වෙයි

අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවියක් හා ජීව උණ්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතරක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයකු විසින් මීට දින තුනකට පෙර මෙම ගිනි අවිය පැහැර ගත් බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති අතර ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
659 Views
Comments