කෝට්ටේ දළදා මැදුර ප්‍රතිනිර්මාණය කිරීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

කෝට්ටේ දළදා මැදුර ප්‍රතිනිර්මාණය කිරීමට සැරසේ

කෝට්ටේ දළදා මැදුර ප්‍රතිනිර්මාණය කිරීමට සැරසේ

අද (02) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කෝට්ටේ රාජමහා විහාරයට පැමිණ දළදා මාලිගාවේ සැලසුම් නිරීක්ෂණයකට එක් ව තිබේ.


 
හයවන පරාක්‍රමබාහු රජ සමයේ දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා කෝට්ටේ රජ මාලිගයට ආසන්නව ඉදිකරන ලද දළදා මාලිගය පරසතුරු ආක්‍රමණ නිසාත්, දළදා වහන්සේ කන්ද උඩරටට වැඩමවීම නිසාත්, රාජ්‍ය පාලනය මහනුවර ස්ථාපිත වීම නිසාත්  නටඹුන් බවට පත් ව තිබේ.

 

කෝට්ටේ රජ මහා විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ  හිමියන්ගේ මැදිහත්වීමෙන් කෝට්ටේ දළදා මැඳුර  ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

 

 මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන,  බස්නාහිර පළාත් හිටපු   ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ සහ නාගරික මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්  එක්ව සිටී.

views

226 Views

Comments

arrow-up