පාඨලී චම්පික රණවකගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න සම්බන්ධයෙන් විමසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කාර්යාලය වෙත අදාල ලිපිය යොමුකර ඇත. ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාල ලිපිය යොමුකර තිබේ.
එම ලිපියෙන් භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමට යෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බව පෙන්වා දෙයි.
පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ, අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවෙන බවත් එහි වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බවත් ය. වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ, එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායීකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඇති ඉඩකඩ වැඩි බවයි.
207 Views
Comments