පිලිකා රෝහලේ බෙහෙත් ඉස්සූ ඖෂධවේදියා කොටු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

පිලිකා රෝහලේ බෙහෙත් ඉස්සූ ඖෂධවේදියා කොටු වෙයි

පිලිකා රෝහලේ බෙහෙත් ඉස්සූ ඖෂධවේදියා කොටු වෙයි

රුපියල් 22,000 ක වටිනාකමින් යුත්, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධයක් රුපියල් 21,000 ක මුදලක් ලබා ගනිමින් වංචනික ලෙස අලෙවි කරන අවස්ථාවේ දී ඖෂධවේදියෙකු අල්ලාගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියා සිටී. 

 

ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඖෂධවේදියා විසින් මෙලෙස අලෙවි කර ඇත්තේ රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු ඖෂධ ද එසේත් නොමැති නම් රෝහලට අයත් රජයේ ඖෂධ තොගයක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටී.

views

241 Views

Comments

arrow-up