FEB
09
පකිස්ථාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ශ්‍රී ලංකාවේ සංචාරයක

පකිස්ථානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සහීර් සම්ෂාඩ් මිර්සා මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොල වාර්තාකරුවන් සඳහන් කරන්නේ පකිස්ථාන හමුදා ප්‍රධානියා අද දහවල් කටුනායක ගුවන්තොටුපල වෙත සම්ප්‍රාප්ත වූ බවයි.
පකිස්ථාන යුධ හමුදාවේ උසස් නිලයන් දරන හමුදා නිලධාරීන් පස්දෙනෙකු ද ඔහු සමඟ පැමිණ තිබෙන අතර මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන තානාපතිවරයා මෙන්ම යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොලට පැමිණ සිටි බව ආරංචි මාර්ග වාර්තා කරයි.
238 Views
Comments