හිටපු ජමාත් ඉස්ලාම් නායකයා මුදා හැරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

හිටපු ජමාත් ඉස්ලාම් නායකයා මුදා හැරේ

හිටපු ජමාත් ඉස්ලාම් නායකයා මුදා හැරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට ගන්නා ලද ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපු නායක රෂීඩ් අක්බාර් අද නිදහස් කරනු ලැබුවා.

 

වහබ්වාදය පැතිර වූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදී යි.

 

කෙසේ වෙතත් ඔහු පිළිබඳ විමර්ශන අවසන් වී ඇති බැවින් ඔහු මුදා හැරීමට විරෝධයක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබූ නිසා ඔහුව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර අධිකරණය භාරයේ පැවති ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද නැවත ඔහුට භාර දෙනු ලැබුවා.

views

174 Views

Comments

arrow-up