පාස්පෝට් කාර්යාලයට පොලිස් ආරක්ෂාව

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිසක් ඊයේ දින නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබේ.
මේ දිනවල දෛනිකව බලපත්‍ර ලබාගැනීම සඳහා 5000 කට අධික පිරිසක් පැමිණෙන අතර එම පිරිස් පාලනය කිරීම ඉතා අසීරු කරුණක් වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ජනතාව පෝලිම් වලින් සේවා කවුළු වෙත යොමු කිරීම සහ නියෝජ්‍ය පාලකවරුන් වෙත යොමු කිරීමේ කාර්යය පොලිසිය භාරයට පවරා තිබේ.
205 Views
Comments