රේගුව විසින් රඳවාගත් පිළිකා රෝහලේ උපකරණ නිදහස් කළ බව ඇමති සියඹලාපිටිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

රේගුව විසින් රඳවාගත් පිළිකා රෝහලේ උපකරණ නිදහස් කළ බව ඇමති සියඹලාපිටිය කියයි

රේගුව විසින් රඳවාගත් පිළිකා රෝහලේ උපකරණ නිදහස් කළ බව ඇමති සියඹලාපිටිය කියයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බවයි.

 

එම රඳවාගැනීම සිදුකර ඇත්තේ එය ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාදයක් නිසා මිස රේගුවේ ප්‍රමාදයක් නිසා නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අදාල උපකරණ ආනයනය කර රේගුව මගින් රඳවා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කිරීම පිළිබඳ සිය ස්තුතිය පළකළ අමාත්‍යවරයා කියා සිටියේ වහාම එම භාණ්ඩ නිදහස් කිරීමට නියෝග කළ බවය.

 

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,  මෙවැනි දේ ආනයනයේ දී එය පිළිකා රෝහල වෙනුවෙන් සිදුකළ ආනයනයක් බවට ලිඛිතව රේගුව වෙත දැනුම් දියයුතු බව සහ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අදාල ලිපිය නිකුත් කළ වහාම උපකරණ මුදාහැරිය යුතු බව ය.

views

195 Views

Comments

arrow-up