පළාත් පාලන මැතිවරණය කල් තැබීම ගැන පෙත්සම් විභාගය තවදුරටත් කල් යයි

රට තුළ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා පළාත් පාලන මැතිවරණය වළක්වන නියෝගයක් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම නැවත සලකා බැලීම මැයි 11 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබේ.
ඒ අද (23) පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී.
ඡන්දය තිබිය යුතු බවට වන කොමිසමේ ස්ථාවරය වෙනුවෙන් කිසිදු බෙදීමක් නොමැති බව එම අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කොට තිබුණි.
නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ ගැටලු සහ භාණ්ඩාගාරය ඡන්දයට අදාල ප්‍රතිපාදන ලබා නොදීම නිසා මැතිවරණය පැවැත්වීමේ බාධා පවතින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කරයි.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ නෙරිල් පුල්ලේ මහතා භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් ගොනු කල දිවුරුම් ප්‍රකාශයක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේ ය.
එහිදී දැනට සිදුකර ඇති මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරිමට අදාළ කරුණු පැහැදිලි කරමින් ඔහු පැවසුවේ , තවදුරටත් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා උපදෙස් අවශ්‍ය බවයි.
218 Views
Comments