රජයේ සේවකයන්ට මින් මතු ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් තහංචි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

රජයේ සේවකයන්ට මින් මතු ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් තහංචි

රජයේ සේවකයන්ට මින් මතු ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් තහංචි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබෙන්නේ, රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බවයි.

 

මීට අදාලව 2023 පෙබරවාරි 22 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබේ.

 

යම් රජයේ නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව පවතී.

views

217 Views

Comments

arrow-up