MAR
02
මහජන උපයෝගීතා කොමිසමට නව නියෝජ්‍ය සභාපතිවරයෙක්

මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙන බව වාර්තා වේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න මහතාව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි.
මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබුණි.
218 Views
Comments