මාර්තු මාසය පුරා බස්නාහිර පළාතේ පාරේ නීති කඩන අයට වෙන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

මාර්තු මාසය පුරා බස්නාහිර පළාතේ පාරේ නීති කඩන අයට වෙන දේ මෙන්න

මාර්තු මාසය පුරා බස්නාහිර පළාතේ පාරේ නීති කඩන අයට වෙන දේ මෙන්න

මාර්තු 01 වනදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

එම වැඩසටහනේදී පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව පොලීසිය පවසයි. 

 


රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම

 

වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම

 

ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම

 

මාර්ග නීති උල්ලංඝනය කිරීම

 

වටරවුම් ආශ්‍රීතව සිදුකරන වැරදි

 

පදික මාරුවල සිදුකරන වැරදි

 

මන්තීරු මාරු කරමින් ධාවනය

 

විදුලි සංඥා අසල සිදුකරන වැරදි

 

බස් නැවතුම් පොළවල සිදුකරන වැරදි

 

හනම් ප්‍රදේශවල රථවාහන නවතා තැබීම්

 

ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවන
 

views

215 Views

Comments

arrow-up