රජයේ පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේ විශාල අඩුවක්

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ, රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇති බවයි.
කොළඹ රාජකීය විදුහලේ ද පළමු වසරට දරුවන් ඇතුලත් කිරීම සඳහා මීට පෙර අයදුම්පත් 1500 ක් පමණ ලැබුණද මෙවර ලැබී ඇත්තේ අයදුම්පත් 500 ක් පමණ බව ද වික්‍රමනායක මහතා පැවසීය.
හොරණ ප්‍රදේශයේ දී ජනප්‍රිය පාසල් කිහිපයක් සඳහා පළමු වසරට ලැබී ඇති අයදුම්පත් ප්‍රමාණය පහළ බැස ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වික්‍රමනායක මහතා පවසන්නේ ,දෙමව්පියන් බොහෝ පිරිසක් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට ඇති බවයි.
මෙරට අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් මවුපියන් තුළ ඇති විශ්වාසය බිඳවැටීම මීට හේතුව බවද ඔහු කියා සිටියේය. මෙරට අධ්‍යාපන ක්‍රමය සමග චින්තන විප්ලවයක් ඇති කළ යුතු බවත්, එසේ නොමැතිව සිස්ටම් චේන්ජ් කිරීමට නොහැකි බවත්, වික්‍රමනායක මහතා තවදුරටත් පැවසීය.
285 Views
Comments