ඩයනාගේ විදෙස් ගමන් බලපත් නඩුවේදී උණුසුම් වචන හුවමාරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ඩයනාගේ විදෙස් ගමන් බලපත් නඩුවේදී උණුසුම් වචන හුවමාරුවක්

ඩයනාගේ විදෙස් ගමන් බලපත් නඩුවේදී උණුසුම් වචන හුවමාරුවක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකළ නඩුව අද විභාග වන අතරතුර, දෙපාර්ශ්වයේ නීතිඥ.වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නඩුව පසුවට කල් තබන ලෙස නියෝග කරනු ලැබ ඇත.

 

මෙම නඩුවේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටි බව වාර්තා වේ

views

224 Views

Comments

arrow-up