සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් ආයුධ සොරකම් කළ ගුවන් සෙබලා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් ආයුධ සොරකම් කළ ගුවන් සෙබලා දැලේ

සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් ආයුධ සොරකම් කළ ගුවන් සෙබලා දැලේ

පසුගිය වසරේ නොවැම්බර් 04 වනදා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂක මුර කුටියේ රාජකාරි කර විවේකීව සිටි ගුවන් හමුදා සෙබලෙකු භාරයේ තිබූ ටී 56 ගිනි අවියක්, පතරොම් හැටක් සහ පතරොම් ගැබ් රඳවනයක් අස්ථානගත වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කිරීමේදී එම කඳවුරේ ම ගුවන් සෙබලෙකු විසින් ඒවා සොරාගත් බවට අනාවරණය වී ඇති අතර කඳවුර ආසන්නයේ තිබී මෙම පතරොම් රඳවනය සොයා ගනු ලැබීය.

 

ඒ අනුව සැකකාර ගුවන් සෙබලා ගුවන් හමුදා කඳවුරේ දී සහ ඊට අනුබල පුද්ගලයකු රිදීගම ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාර ගුවන් හමුදා සෙබලා විසින් ගිනිඅවියේ අංක යන්ත්‍රයක් ආධාරයෙන් මකා දමා තිබූ බව ද වාර්තා වේ.

views

246 Views

Comments

arrow-up