ගොවීන් සඳහා නොමිලේ ලබා දෙන ඩීසල් අද සිට නිකුත් කෙරේ

චීන රජය විසින් මෙරට වී ගොවීන් සඳහා නොමිලේ ලබාදුන් ඩීසල් ලීටර මිලියන 6.98 බෙදාහැරීම සම්බන්ධව ඊයේ පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට ලබා දුන් උපදෙස් අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රිය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක් හැර අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම පහසු කරවීම සඳහා අදාල ටෝකන්පත් නිකුත් කර අවසන් කරනු ලැබීය.
ඉතිරි දිස්ත්‍රික්ක 5 වෙත අද දිනය තුල ඉන්ධන ටෝකන්පත් ලබාදීමට පියවර ගත් අතර ඒ අනුව අද දින සිට සියලුම ගොවීන් සඳහා අදාල ඉන්ධන නම් කරන ලද පිරවුම්හල් වලින් ලබා ගැනීමට හැකි බව ගොවිජන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
218 Views
Comments