වරායේ උද්ඝෝෂණ නිසා විශාල පාඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

වරායේ උද්ඝෝෂණ නිසා විශාල පාඩුවක්

වරායේ උද්ඝෝෂණ නිසා විශාල පාඩුවක්

වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ, වරාය සේවකයන් විසින් පසුගිය දින සිදුකරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මෙරටට පැමිණි නැව් 17 ක් ආපසු හැරී වෙනත් වරායන් වලට ගොස් ඇති බවයි. ඒ නිසා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වී ඇති බව ද ඔහු  පැවසීය.

 

වරාය සේවකයන් විරෝධතා දක්වන්නේ තම වැටුපෙන් ආදායම් බදු අය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් බවත් පැවසූ ඇමතිවරයා වරායේ සේවකයකු වැටුප ලෙස රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ ලබා ගන්නා බවත් එය සාමාන්‍ය රජයේ සේවකයෙකු නොලබන වැටුපක් බවත් සඳහන් කළේය.

 

වරාය සේවකයන්ට තුන්වේලම ආහාර ලබා දෙන බවත් තවත් වරප්‍රසාද බෝනස් ලබා දෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. වර්ජන සිදුකිරීමෙන් සිදුවන්නේ වරාය ක්‍රියාකාරීත්වය අඩපණ වී රටට අලාභ වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

views

259 Views

Comments

arrow-up