2023 මාර්තු 03 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

2023 මාර්තු 03 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 මාර්තු 03 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දිනයේ  ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

සුළඟ:

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා, සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක. 

 

මුහුදේ ස්වභාවය:

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු සිට තරමක් රළු දක්වා වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2023-03-03
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 23 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 29 26 90 75 වැසි වාර කිහිපයක්
කොළඹ 32 24 85 60 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 32 24 95 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 31 24 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 28 20 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 19 12 90 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
රත්නපුරය 31 21 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 30 25 95 65 වැසි ස්වල්පයක්
මන්නාරම 31 24 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
views

233 Views

Comments

arrow-up