මතට ලොල් වූ රෝහල් සේවකයෝ කොටු වෙති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

මතට ලොල් වූ රෝහල් සේවකයෝ කොටු වෙති

මතට ලොල් වූ රෝහල් සේවකයෝ කොටු වෙති

කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස 6 පුනරුත්ථාපනය සදහා කන්දකාඩු රැඳවුම්  මධ්‍යස්ථානය වෙත යොමුකරන  ලෙසට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල  මහතා ඊයේ  (22) ලෙසට  නියෝග කෙරුණි.

 

ඒ හෙරොයින්, අයිස් හා මත්පෙති පානය තදින්ම ඇබ්බැහි ව සිටීම හේතුවෙනි. 

 

මෙලෙස පුනරුත්ථාපනය සදහා  යොමු කළේ  කොළඹ ජාතික රෝහලේ නඩත්තු අංශයේ සේවකයෙක් සහ සුළු සේවකයෙක් සහ ඔවුන් සමග එක්ව මත්කුඩු පානය කිරීමේ නිරත මිතුරන් දෙදෙනෙකි.

 

බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ  මහතා  අධිකරණ හමුවේ කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට  නියම කොට තිබෙන අතර මෙම සැකකරුවන් සියලු දෙනා වනාතමුල්ලේ පදිංචිකරුවන් බවත්, ඔවුන් සමුහයක් වශයෙන් එක් වී මත්කුඩු පානය කරන පුද්ගලයන් බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුනි.

 

ඒ අනුව ඔවුන් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසට පොලිසිය අධිකරණය හමුවේ කළ ඉල්ලීම  සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මාස 6 ක පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට නියෝග කොට තිබේ.
 

views

223 Views

Comments

arrow-up