රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය මණ්ඩල අමතර රාජකාරි දීමනා සහ අතිකාල දීමනා 15% කින් කපා හැරීමට පියවර ගෙන තිබේ. එම අමාත්‍යාංශය විසින් මේ බව සඳහන් චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.
ආයතන ප්‍රධානීන් විසින් අතිකාල සහ අමතර රාජකාරි කරන කාල වේලාවන්වල අදාළ සේවකයා අනිවාර්යයෙන් ම සේවයේ යෙදෙන බව තහවුරු කර ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබේ. තවදුරටත් එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ, විධායක ශ්‍රේණීයේ නිලධාරීන් සඳහා මසකට ලබා ගන්නා නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින පහක් දක්වා අඩු කළ යුතු බවත් ආරක්ෂක සහ පිරිසුදු කිරීම් වැනි ගිවිසුම් ගත සේවාවන් සඳහා දැනට අනුමත සේවක සංඛ්‍යාව අවම වශයෙන් සියයට දහයකින් අඩු කළ යුතු බවත් ය.
එමගින් මාණ්ඩලික නිලධාරින්ගේ වාහන හැර එක් එක් අංශ වෙත අනුයුක්ත කර තිබෙන වෙනත් වාහන අදාළ අංශ ප්‍රධානීන්ගේ පාලනයට යටත් කර ඇත.
214 Views
Comments