IMF සංවිධානයෙන් කොළ එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

IMF සංවිධානයෙන් කොළ එළියක්

IMF සංවිධානයෙන් කොළ එළියක්

පවතින බරපතළ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින ශ්‍රී ලංකාවට සහනදායි පුවතක් ඊයේ ප්‍රකාශයට පත් විය.

 

ඒ ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ ලබාදුන් සහතිකය හේතුවෙන්, ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් ලබා දිය යුතු බවට පැරිස් සමාජය විසින් මෑතක දී කරන ලද ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගන්නා බවට ප්‍රකාශයක් නිකුත් වීමයි.

 

මේ අනුව ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලඟදීම ලැබෙනු ඇතැයි මාධ්‍ය ප්‍රකාශකයින් විශ්වාසය පළ කරයි.

views

179 Views

Comments

arrow-up