FEB
17
මිනුවන්ගොඩ දී වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මිය යයි

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත. 30 හැවිරිදි වියේ පසු වූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් මෙසේ මියගොස් තිබේ.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබෙන්නේ, ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ය. මිනුවන්ගොඩ පොලීසිය ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
199 Views
Comments