වී මිලට එරෙහි වෙමින් ඩඩ්ලි සිරිසේන ජනපති සමග කතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

වී මිලට එරෙහි වෙමින් ඩඩ්ලි සිරිසේන ජනපති සමග කතාවක

වී මිලට එරෙහි වෙමින් ඩඩ්ලි සිරිසේන ජනපති සමග කතාවක

වී කිලෝවක සාමාන්‍ය වටිනාකම රුපියල් 140.00 කට වැඩි බවද, අඩුම වශයෙන් ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 120.00 ක මුදලක් වත් ලබා දිය යුතු බව ද ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේය.

 

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ගොවීන්ට වී කිලෝවක් සඳහා ගෙවන රුපියල් 100.00 ක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

 

කෙසේ වුවත්, මෙවර අස්වැන්න මෙම මිල ගණන් යටතේ මිලදී ගත්තද ඉදිරි කාලයේදී ගොවීන්ට වී කිලෝවක් සඳහා වැඩි මිලක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බව සිරිසේන මහතා කියා සිටී.

 

වී වලට සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් වී ගොවීන් ගොවිතැන අත්හරිනු ඇති බවට තර්ක කළ සිරිසේන මහතා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 140.00 ක මිලක් ලැබිය යුතු වුවත්, එසේ වුවහොත් සහල් කිලෝවක මිල රුපියල් 280.00 ක් පමණ වනු ඇතැයි ද ප්‍රකාශ කරන ලදී.

views

199 Views

Comments

arrow-up