ජංගම දුරකථනය හරහා ලිංගික බලපෑම් කරමින් මුදල් ගැරූ අයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

ජංගම දුරකථනය හරහා ලිංගික බලපෑම් කරමින් මුදල් ගැරූ අයෙක් දැලේ

ජංගම දුරකථනය හරහා ලිංගික බලපෑම් කරමින් මුදල් ගැරූ අයෙක් දැලේ

අසභ්‍ය වීඩියෝ දර්ශන සහ කෙටි පණිවිඩ යවමින් කාන්තාවකගේ හැඟීම් අවුස්සා බලපෑම් සිදු කොට මුදල් ගැරූ පුද්ගලයෙකු පිළිබඳ මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයෙන් වාර්තා වේ.

 

හල්ලොලුව පල්ලේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම සැකකරු කාන්තාවන් රැසකට මේ ආකාරයෙන් බලපෑම් සිදුකොට මුදල් උපයා ඇති බව අනාවරණය වී තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.

views

208 Views

Comments

arrow-up