වකුගඩු ජාවාරම්කරුවෙක් කටුනායකදී කොටු වෙයි

වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන, කොලඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් වයසැති, ජංගම දුරකථන උපාංග අලෙවියේ යෙදෙන පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ (09) රාත්‍රියේ කොළඹ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.
මොහු බොරැල්ලේ පෞද්ගලික රෝහලක සේවකයෙකු ලෙස පෙනී සිටිමින්, මුදල් ලබා දෙන බවට පවසමින් දුප්පත් පවුල් වල පුද්ගලයින් වංචනික ලෙස රවටා වකුගඩු ලබා ගැනීමේ ජාවාරමක තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් බවට අපරාධ අංශයේ නිලධාරීන් තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.
ජාවාරම්කරු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ ඩුබායි බලා යාමට බව වාර්තා වන අතර අද (09) දින අලුත්කඩේ අංක 02 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරිමට නියමිත ය.
194 Views
Comments