බදුල්ලෙ ව්‍යාපාරිකයන් රැවටූ ව්‍යාජ අලෙවි ඒජන්තවරයෙක් සොයා පොලිස් පරීක්ෂණ

මෙරට ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන සමාගමක ඒජන්තවරයකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ ප්‍රකට පොත් සමාගම්වල මුද්‍රණය කරන පොත් සහ පාසල් උපකරණ බෙදාහරින බවත්, ඒවා අලෙවි කරන ව්‍යාපාරිකයන්ට දිරිදීමනා සහ විශාල කොමිස් මුදල් ලබාදෙන බවත්, පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් රවටා රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගිය දිනවල මෙම පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කීපදෙනකුම රවටා ඇති බව ඔවුන් විසින් බදුල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පොත් අලෙවි කිරීම සඳහා ව්‍යාපාරික ස්ථානයේ දැන්වීම් පුවරුවක් සකස්කරදීමට රුපියල් 5000 ක්ද, ඡායාපිටපත් යන්ත්‍රයක් සහ රී-ලෝඩ් යන්ත්‍රයක් ලබාදීමට තවත් රුපියල් 5000 ක්ද ආදී වශයෙන් ඔහු එම ව්‍යාපාරිකයන්ගෙන් ලබාගෙන ඇති බවත් මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් ජංගම දුරකතන අංක වෙනස් කරමින් විවිධ මට්ටමේ ව්‍යාපාරිකයන් රවටමින් ඔවුන්ගෙන් මුදල් වංචාකරමින් සිටි බවත් අනාවරණය වී තිබේ.
කොළඹ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගමක්ද එම පුද්ගලයාට එරෙහිව බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
234 Views
Comments