අද දිනයේත් වායු දුෂණය ඉහළට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා වලින් අනාවරණය වී ඇත්තේ, අද (16) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම වායු තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් පවතින බවයි.
ඒ අනුව අද පෙරවරු 11.30 වනවිට දිවයිනේ නරක ම වායු තත්ත්වය කොළඹ නගරයෙන් වාර්තා වී ඇති අතර එහි වායු ගුණාත්මක අගය දැක්වුණේ, අදාල දර්ශකයේ ඒකක 135 ක් ලෙසින්ය.
ඊට අමතරව ගම්පහ නගරයේ වායු ගුණාත්මක ඒකක 130 ක අගයක් ද, යාපනය නගරයෙන් 128 ක් හා බත්තරමුල්ල බස්නාහිරින් ඒකක 121 ක අගයක් ද වාර්තා වී තිබේ.
වායු ගුණාත්මක දර්ශකයට අනුව සෞඛ්‍යයට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101-150 දක්වා වූ මට්ටම වේ.
192 Views
Comments